Monday, July 16, 2012

ශ්‍රද්ධාව


අට ලෝ දහම....


  • ලාභ
  • අලාභ
  • දුක
  • සැප
  • නින්ද
  • ප්‍රසංශා
  • යස
  • අයස


  • අට ලෝ දහම ලෝකයෙහි පවත්නා සියලුම සත්වයන්ට බලපවත්නා වූ ධර්මතාවයකි....


    අට මහා කුසල්

    1. කටින චීවර පූජා කිරීම. 
    2. අට පිරිකර පූජා කිරීම. 
    3. සේනාසන තැනීම හා නඩත්තු කිරීම. 
    4. බුද්ධ ප්‍රමුඛ සිව්වනක් පිරිසට දානය පිළිගැන්වීම. 
    5. සද්ධර්මය ලිවීමට පටිගත කිරීමට හා බෙදා හැරීමට ආධාර කිරීම. 
    6. සග පරපුරේ පැවැත්මට ඉඩම් හා නියමිත් ඉඩ කඩ පූජා කිරීම. 
    7. බුද්ධ රූප සහ පිළිම සැදීම. 
    8. සංඝයා වහන්සේ ගේ පරිහරණය උදෙසා වැසිකිලි සහ දිය නෑම වැනි කටයුතු සදහා අවශ්‍ය ස්ථාන සකස් කර පූජා කිරීම.

    හැඳින්වීම




    බුද්ධ ධර්මය යනුවෙන් හුදෙක්ම අති උතුම් නිර්වාණය නම් වූ විමුක්ති මාර්ගය සදහා අප සියලුම ලෝක වාසින් හට මග පෙන්නන්නා වූ සදාකාලික ධර්මයකි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය නම් වූ චතුරාර්ය සත්‍ය යනුවෙන් හැදින්වෙන්නේ එවන් වූ සදාකාලික සත්‍යයන් ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු සතර වන සත්‍ය ලෙස හැදින්වෙන දුක නැති කිරීමේ මාර්ගය යි. මෙවන් වූ අති උතුම් නිර්මල බුද්ධ ධර්මය පිළිබද ඔබට අගනා ලිපි රැසක් අපගේ වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම උදෙසා ඉදිරිපත් කරන්නෙමු.....